Menu
Contact us
×
Thursday, September 19th, 2024
රනිල් කිව්වට 25000ක් කොහෙත්ම දෙන්න බැහැ - අනුර

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක වැටුප් වැඩි වීමක් ඇතැයි  රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. නමුත් කිසිසේත්ම එය සිදු කල නොහැකි බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

එහි නායක අනුර දිසානායක මහතාට අනුව එතරම් වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට ලබා දීමට නම් අවුරුද්දකට රුපියල් බිලියන 400ක් අමතරව අවශ්‍ය වේ.

එබැවින් ජනවාරි මාසයේදී පඩි වැඩිවීමක් ගැන හිතන්නවත් එපා යයිද ඔහු ඉල්ලා සිටියේ ජාතික ජන බලවේගය විසින් බණ්ඩාරගමදී පවත්වන ලද ජන රැලියක් අමතමිනි.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පියවරෙන් පියවරක් රට හදන තෙක් ජනතාව බලා ගැනීම සඳහාද වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිත බවද ඒ මහතා පැවසුවේය.

ආහාර නැති, අධ්‍යාපනය ගැනීමට නොහැකි, සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි, ජනතාව වෙනුවෙන් මසකට රුපියල් දස දහසකට වඩා වැඩි දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු පැවසුවේය.

නමුත් එය ලබා දෙන්නේ ජීවිතාන්තය දක්වා නොව රට හදා එහි ප්‍රතිලාභ ලැබෙන තෙක් පමණක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.



MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos