Menu
Contact us
×
Monday, April 21st, 2025
ජනාධිපති සහ මැතිවරණ කොමිසම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිසිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කරන ලදි.

එවකට මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ද මෙසේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පැෆරල් සංවිධානය විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අද නිකුත් කරන ලදී.

අග්‍ර විනිශ්චකාරවරයා ප්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම සලකා බලනු ලැබීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos