Menu
Contact us
×
Monday, April 21st, 2025
කුට්ටිආරච්චිට සහ දෙරණට එරෙහිව අනුර නඩු මගට

මෝල්ටා රාජයේ තමන් විසින් ඩොලර් බිලියන පහක් ආයෝජනය කර ඇතැයි අසත්‍ය ප්‍රකාශයක් සිදුකරමින් තමන්ගේ කීර්තියට හානි කළේ යැයි ජාතික ජන බලවේග නායක අනුර දිසානායක විසින් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අයකර දෙන්නයි නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලමින් ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළේ එය ලබන ජනවාරි 21 වෙනිදා යළි කැඳවන ලෙසයි.

එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට කාලය ලබාදෙන්නැයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුව මෙම කල්තැබීම සිදුකරන ලදී.

මෙම ප්‍රකාශය කරන ලද මන්ත්‍රීවරයාටත් එය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කරන ලද දෙරණ නාලිකාව ද නඩුවේ වගඋත්තරකරු වශයෙන් නම් කර ඇත.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos