Menu
Contact us
×
Thursday, September 19th, 2024
මහින්දට දිය ගැකි හොඳම දඬුවම තමයි නාමල් පුතාව බින්දුවට බස්සන එක - චම්පික

රාජපක්ෂ පවුලට දිය හැකි හොඳම දඬුවම නාමල් රාජපක්ෂ බින්දුවට බස්සා පරාජය කිරීම බව චම්පික රණවක පවසයි.

චම්පිකගේ ප්‍රකාශය:

"ගෝඨාභය බලයට පත්වෙලා අත්අඩංගුවට ගත්තේ මුලින්ම මාව. හිතුවා අපිව මර්දනය කරන්න පුළුවන් වෙයි කියලා. හිතුවා අපිව බය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ඒ අරගලය ඉදිරියටම ගෙන ගියා. ඒ වගේම ඔහුටත් අන්තිමට රට දාලා යන්න සිද්ධ වුණා. මාව අත්අඩංගුවට ගත්ත වෙලාවේ මම ඔහුට විවෘතව කිව්වා ඔහුව මේ රටේ ආරක්ෂක ලේකම් කරන්නත් අපි තිරෙන් පිටුපස වැඩ කරපු අය. අපි නෙවෙයි අද ජනතාවගේ හිරගෙදර ඉන්නේ ඔබතුමයි කියලා එතුමාට අපි කිව්වා. දැන් ඒ සියල්ල සැබෑ වෙලා. ඒ රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගෑවිලා යන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. 2022 ජූලි 09 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඡන්දෙන් නෙමෙයි මහජන නැගිටීමකින් මේ රටේ ආණ්ඩු පෙරළියක්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පලවා හැරීමක්, ආණ්ඩුව පලවා හැරීමක් සිද්ධ වුණා. හැබැයි ඉන් පස්සේ නැවතත් දැන් මේගොල්ලෝ පම්පෝරි ගහගෙන එනවා. මේ රටේ උසස්ම අධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණය රට බංකොලොත් කිරීමේ වගකීම, එහි වරද මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්තයාට ලබාදීලා තිබුණත්, බැසිල් මහත්තයලා, මහින්ද මහත්තයලා ආයෙත් පොහොට්ටුවේ නමින් නාමල් පුතා ගේනවා. මතක තියාගන්න මහින්ද රාජපක්ෂ හිරේ දාන්න එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ හිරේ දාන්න දැඩි දඬුවම් දෙන්න බොහෝ දෙනෙක් කතා කරනවා නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයට බැසිල් මහත්තයට දෙන්න තියෙන හොඳම දඬුවම තමයි නාමල් පුතාව බින්දුවට බස්සන එක කියන එක. ඒ නිසා සැප්තැම්බර් 21 වෙනකම් මන්තරේ වගේ මතුරන්න පුලුවන්නම් රාජපක්ෂලාට බින්දුවයි රාජපක්ෂලට බින්දුවයි කියලා ඒක තමයි මහින්ද මහත්තයට ඉතිරි ජීවිත කාලයේ දෙන්න පුළුවන් ලොකුම දඬුවම. අන්න ඒ දඬුවම දෙන්න ඔබට අද්විතීය අවස්ථාවක් මේ ජනාධිපතිවරණයේ ලබන 21 වෙනිදට ලැබෙනවා.

ඊළඟට ඔබට මතක ඇති ගෝඨාභය බලයට ආවේ කොහොමද කියලා. රටක් බියවද්දලා මහා පරිමාණ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා කියලා සිංහල බෞද්ධකම ඉතාමත්ම පහත් විදිහට පාවිච්චි කරලා මුස්ලිම් ජනයා ගැන විශේෂයෙන්ම අර ශාපි ශාබ්දීන් වැනි වෛද්‍යවරු ගැන සම්පූර්ණ බොරු කතා පතුරවලා බෞද්ධයෝ ඉතාම ආඩම්බරයෙන් හිටපු සත් සතියේ හිටපු මුචලින්ද නාග රාජයාවත් කැළණි ගඟෙන් මතු කරලා රටේ මාධ්‍ය නාටකයක් මගින් තමයි කරලියට ආවේ. අර හිටියා කට හැකරයෝ දෙතුන් දෙනෙක් රට වටේ උස්සන් කියාගෙන ගියේ මේ ඉන්නේ දුටුගැමුණු මේ ඉන්නේ ධර්මපාලතුමා කිය කිය මේ රට රැවැට්ටුවා. ඒ වගේම මේ රටේ මිනිස්සු ඒ නාටකයට රැවටුණා. ඒ වගේම ඒගොල්ලන්ට දුන්නා බලගතු අමාත්‍යාංශයක්. තෙල් පෝලිම් හැදුවේ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අමාත්‍යාංශ භාර දීපු වැඩ බැරි ඇමතිලා ටික එක්කහු වෙලා තමයි. දැන් ඒගොල්ලෝ පොහොට්ටුවෙන් ගැලවිලා වෙනම ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ගොල්ලන්ටත් ඒ 2019 අපිව රවට්ටලා හෙළ ගොවිතැන නමින් මේ රටේ තිබුණු ගොවියාව විනාශ කරපු, ධම්මික පැණිය ගෙනල්ලා තිස්දාහක් කොවිඩ් වලට බිලි කරපු ඒ විතරක් නෙවෙයි තෙල්, පෝලිම් හදලා, මිනිස්සු තෙල් පෝලිම්වල මරවපු, විදුලි අර්බුදයක් හදලා, විදුලි අර්බුදයෙන් රට අර්බුදයට යවපු ඒ කණ්ඩායමත් අද මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. අන්න ඒගොල්ලන්වත් බිංදුවට බස්ස ඒ කට හැකර නඩය සදහටම දේශපාලන කුණු කූඩෙට දාන්න ඔබට රත්තරන් අවස්ථාවක් ලබන සැප්තැම්බර් 21 ලැබිලා තිබෙන බව මතක තබා ගන්න.”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos