Menu
Contact us
×
Thursday, September 19th, 2024
හොර සල්ලි සමග හසු වූ කාන්තාව අල්ලන ලෙස එස්. බී. ඉල්ලා සිටී

අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එස්. බී. දිසානායක විසින් කරන ලද ප්‍රකාශය:

”වැටුණ ආර්ථිකය කරකවලා ගන්න රනිල් වික්‍රමසිංහ මහතාට පුලුවන් වුණා. රටේ සාමය ඇතිකරන්න රනිල් වික්‍රමසිංහ මහතාට නැවත බලය දෙන්න ඕන. සජිත් ප්‍රේමදාස කියනවා හොරු අල්ලනවා කියලා. විජේතුංග ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට යද්දී කලුවර කවිච්චි කලුවර අල්මරිවලට වෙච්ච දෙයක් නෑ. ෆොටෝ හොරකම් කරපු එක්කෙනෙක් ඇල්ලුවා සජිත්ට කියනවා එයාලව මුලින් අල්ලන්න කියලා. කාන්තාවක් බත්තරමුල්ලෙදී හොරසල්ලි මිටි ගානණක් එක්ක අහු උනාවුණා. සජිත්ට කියනවා මුලින් එයාලව අල්ලන්න කියලා. නාමල් ගැන මට දුකයි. පස්වෙනියාවත් වෙන්න බෑ. මුල ඉදලම මහින්ද හිටියේ තරඟ කරන්නේ නැතිව රනිල්ට උදව් කරන්න. පව් පුතා ඉල්ලන නිසා උදව් කරන්න වෙනවා.අපි සතුටින් මැතිවරණ ක්‍රියාවලිය කරනවා. මිනිස්සු ආදරයෙන් අපිව භාරගන්නවා. අපි අගමැති දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් නව සන්ධානයක් හදනවා. අද එහි මූලික කටයුතු කරමින් ඉන්නේ. නව පක්ෂයක් හදමින් ඉන්නවා. පොදුජන පෙරමුණ ඇතුලු ඔක්කොම එකතුකරගෙන තමයි මේ පක්ෂය හදන්නේ. නව සන්ධානයේ නායකයා අගමැති දිනේෂ් ගුණවර්ධන. සමඟියේ ජන්ද පදනමක් තියෙන පස් හයදෙනෙක් අපි සමඟ එකතුවෙනවා. රත්නපුරේ මැතිනියකුත් අපි සමග එක්වෙනවා.”
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos