අපි බලයට අවොත් දිළිඳු පවුලකට රු. 10000ක මාසික ආදාරයක් දෙනවා - අනුර
මාලිමා ආණ්ඩුවක් යටතේ දිළිඳු ජනතාවගේ පවුල් වලට මාසිකව රුපියල් 10000ක සහනාදාරයක් ලබා දීමට තීරණය කර ඇති බව අනුර කුමාර දිසානායක පවසයි.
එම ජන රැලිය අමතමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය:
"මිනිස්සුන්ට
කන්න නැතුව රට හදල වැඩක් නැහැ. රට හදන වැඩේ. ක්‍රමානුකූලව කළ යුතුයි. එහි
ආරම්භයේදී අප ජනතාව ගැන බලා ගන්නවා. ලයිට් බිල අඩු කරනවා. කැළණිතිස්ස,
කෙරවළපිටිය විදුලි බලාගාර හදල තියෙන්නේ ස්වාභාවික ගැස් වලට හරවන්න පුළුවන්
විදිහට. ඒවා ඩීසල් වලින් දුවන්න තීරණය කළේ තාවකාලිකවයි. නමුත් දැන් අවුරුදු
පහළොවක් වෙනව තවමත් ගැස් වලට පරිවර්තන වුණේ නැහැ. එහෙම වුණොත් විදුලි බිල
අඩු කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු ප්‍රමුඛතම ව්‍යාපෘතිය මේ
පද්ධතිය ස්වාභාවික ගැස් වලට පරිවර්තනය කිරීමයි"