Menu
Contact us
×
Monday, April 21st, 2025
අපේක්‍ෂකයෙකුට වියදම් කල හැකි මුදල 1,860,298,586යි
ලබන මස 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයකු හට ප්‍රචාරක කටයුතු සදහා වියදම් කල හැකි මුදල ලෙස රුපියල් එකසිය අසූහය කෝටී දෙලක්ෂ අනූ අටදහස් පන්සියය අසූ හයක මුදලක් ලෙස සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මුදලින් 60% මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාටම වියදම් කල හැකි බවත්, ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව අදාළ නියමයන් දක්වමින් මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ නිකුත් විය.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂම වෙත බාරදිය යුතුව ඇත.




MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos