Menu
Contact us
×
Monday, April 21st, 2025
පිරිස නොමැතිව සජිත්ගේ සෞඛ්‍ය සමුළුව අවලංගු වේ

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට සංවිධානය කර තිබූ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තික බලවේගයේ සමුළුව පැවැත්වීම අත්හිටුවා තිබේ.

ඊට හේතු වී ඇත්තේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් 3000ක පමණ පිරිසක් ඊට සහභාගි කිරීමට සැලසුම් කර තිබී ඇතත් ඒ සඳහා සහභාගි වී ඇත්තේ සෞඛ්‍ය වෘත්තිකයන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් වීමයි.

ඊයේ දිනයේ මෙය පැවැත්වීමට සංවිධානය කර තිබුණේ කොළඹ කොළඹ ප්රදර්ශන හා සම්මේලන ශාලාවේදය.

සමුළුව පෙරවරු 09.00ට ආරම්භ කිරීමට නියමිතව තිබුන ද පෙරවරු 10.30 වනතෙක්ම එය ආරම්භ කිරීමට ප්‍රමාණවත් පිරිසක් සහභාගි නොවීමෙන් කල් තැබීමට තීරණය කර ඇත.


මෙම සමුළුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට කටයුතු කළ බවත් නැවත පවත්වන දිනයක් පසුව දැනුම් දෙන බවත් එම පක්ෂය සඳහන් කර තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos