Menu
Contact us
×
Thursday, September 19th, 2024
විධායක ජනාධිපති ධුරය අහෝසි

ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ක්ෂේත්‍ර හතළිහක් ආවරණය වන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 26 වැනිදා එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින් සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නව ආණ්ඩුව යටතේ බිහි කරන බවද ඔහු කියා සිටියි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණ නතර කිරීම හා ජාතිවාදයට තිත තැබීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛකත්වය ලබා දී ඇතැයිද කියා සිටියේය.

රටේ ආර්ථිකය මුළුමනින්ම යථාවත් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, වැවිලි හා ආයෝජනය අාදී ක්‍ෂෙත‍්‍රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්නද එහිදී අවධාරණය කරන බවද කියා සිටියේය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos