Menu
Contact us
×
Thursday, September 19th, 2024
සෑම අපේක්ෂකයෙකුටම පොලිස් ආරක්ෂාව

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සෑම අපේක්ෂකයෙකුටම පොලිස් ආරක්ෂාව හිමිවන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පවසයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සිදු කල ප්‍රකාශය:


“මේ ජනාධිපති කාලසීමාව තුළදී අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහ ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා. මේ කමිටුවේ සභාපතිධූරය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමා. ඒ අනුම සෑම අපේක්ෂකයෙකුටම යම් ආරක්ෂාවක් ලබාදීම සිදුවෙනවා. ඊට අමතරව එක් එක් අපේක්ෂකයාට තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරනවා. ඒ තක්සේරුව සිදු කරන්නේ ඒ කමිටුව මගින්. ඒ අනුව කමිටුව තීරණය කරනවා ආරක්ෂාව වැඩි කිරීමට අවශ්‍ය නම් ඒ ආරක්ෂාව වැඩි කරන්න. ඒ අනුව තමා සෑම අපේක්ෂකයෙකුටම ආරක්ෂාව සපයන්නේ. ඒ අනුව එක් එක් අපේක්ෂකයා සහභාගී වන රැස්වීම් සම්බන්ධව කල්වේලා ඇතිව දැනුම්දීමෙන් අනතුරුව ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරලා ඒ සම්බන්ධීකරණය සිදුකරනවා”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos