Menu
Contact us
×
Monday, April 21st, 2025
අදත් වෙඩි තැබීමක්; තරුණයෙකු මරුට

ත්‍රීකුණාමලය, ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේදී අද (16) අළුයම සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙකු මරුමුවට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී පුර, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.

ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos