Menu
Contact us
×
Monday, April 21st, 2025
තවත් කොවිඩ් රැල්ලක්? යුද හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

රට වසා තැබූ කාලය තුළදී සිදුකරන්නට වූ කැපකිරීම් ගැන රටේ බුද්ධිමත් ජනතාව හොඳින්ම දැනුවත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (05) බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී සංවිධානය කරතිබූ සැමරුම් උත්සවයකදීය.

රට වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිකිරීම වෙනුවෙන් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා,

“ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව තේරුම් ගතයුතු කාරණය තමයි පසුගිය කාලයේ නිවෙස්වලට වී ගතකළ කාලයේ අපිට විශාල කැපකිරීම් කරන්න වුණා. ඒ නිසා මෙසේ රට විවෘත කර තබන අවස්ථාවේදී ඔබ කොවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට වගබලා ගත යුතුයි. ජනතාව තේරුම් ගත්තොත් අපිට තවත් කොවිඩ් රැල්ලක් ඇති නොවී සිටීමට හැකිවේවි. එසේ නොවුණොත් කොවිඩ් ආසාදිතයින් වැඩිවෙයි.”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos