Menu
Contact us
×
Wednesday, September 18th, 2024
අනුරගෙන් රනිල්ට පිළිතුරු

යාපනයේ පැවති ජන රැළියක් අතරතුර තමා දෙමළ ජනතාවට තර්ජනය කලා යැයි පවසමින් ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන්

රනිල් වික්‍රමසිංහ  උතුරේ ජනතාවගෙන් සමාව ගත යුතු බව ජාතික ජන බලවේගයේ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

 

අන්තර් සමාගම් සේවක සංගමයේ (ICEU) 25 වැනි සමුළුව අමතමින් දිසානායක කියා සිටියේ තමන් උතුරේ ජනතාවට අනිසි බලපෑම් කළ බව පවසමින් උතුරේ ජනතාවගෙන් සමාව ගන්නා ලෙස ජනාධිපති වික්‍රමසිංහ තමාට අභියෝග කළ බවයි.


"රනිල් මේ මැතිවරණයේදී කැත විදිහට  ජාතිවාදය අවුස්සන්න හදනවා. හැබැයි මම සතුටු වෙනව රනිල්ගෙ ප්‍රකාශයට මම උත්තර දෙන්න ඔින නැහැ උතුරේ ජනතාවගේ දේශපාලන නියෝජිතයෙක් වුනු සුමන්තිරන් මන්ත්‍රීවරයාම ඒකට  රනිල්ට  උත්තරය දීල තියෙනවා. ඒ වෙනුවෙන්  මම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ට ස්තූතිවන්ත විය යුතුයි. ඔහු රනිල්ට නිවැරදි පිළිතුර දී තිබෙනවා. රනිල් ඔබ දැන් සමාව ගත යුතුයි," ඔහු පැවසීය.

 

අනුර දිසානායක වැඩිදුරටත්  කියා සිටියේ රට තුළ ජාතිවාදය ඇවිස්සීමේ දේශපාලනය දැන් පහව ගොස් ඇති බවයි.

“දැන් රනිල් ඔයා සමාව ගන්න.

රට ඇතුලෙ ජාතිවාදය පැතිරීමේ දේශපාලනය දැන් අහෝසියි.

රටේ ජාතිවාදය අවුස්සන දේශපාලනය දැන් අහෝසියි..

රට ඇතුලෙන් එකිනෙකාට එරෙහිව විරසක කිරීමේ දේශපාලනය දැන් අහෝසියි..

ඒ නිසා රනිල් වික්‍රමසිංහල පරණ දිරපු කඩවල්වලින් තමයි තාම බඩු ගන්නෙ..”

ඔහු වැඩිදුරටත් පැවසීය.