Menu
Contact us
×
Monday, April 21st, 2025
පැරිස් ඔලිම්පික් උළෙලේ ආරම්භය අද

33 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ප්‍රංශයේ පැරිස් නුවර දී අද (26) ආරම්භ වෙනවා.

මෙවර ඔලිම්පික් උළෙල අගෝස්තු 11 වෙනිදා දක්වා පැරිස් නුවර ප්‍රධාන නගර 16ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙවර රටවල් 206ක් නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 32ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10714ක් තරඟාවලියට එක් වී තිබෙනවා.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 6ක්.

අද පැවැත්වෙන ඔලිම්පික් සමාරම්භක උළෙලේ ශ්‍රී ලංකා ධජය ගෙන යෑමේ වගකීම පැවරී ඇත්තේ බැඩ්මින්ටන් ක්‍රිඩක විරේන් නෙත්තසිංහට සහ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේටයි.