Menu
Contact us
×
Wednesday, September 18th, 2024
දේශගුණික විපර්යාසයන්ට අනුගත වීම විසඳුම ද ?
පසුගිය සති කිහිපය තුළ ලොව පුරා සිදු වූ විනාශකාරී දර්ශන වල ඇති බිහිසුණුම දෙය නම් ඒවා නිරීක්ෂණය කිරීමට පවා ආරක්ෂිත ස්ථානයක් නොමැති වීමයි. ජර්මානු නගරයක් වන එර්ෆ්ට්ස්ටැඩ්ට යටින් ඇති භූමිය ගංවතුරෙන් ටිෂූ කඩදාසි මෙන් කැඩී යයි. ඒ, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ලිටන් ප්‍රදේශය අත්භූත අධික උෂ්ණත්ව වාර්තාවක් තැබීමෙන් දිනකට පසුවය. චීන ෂෙන්ෂෝ නගරයේ වීදි, ඇළ මාර්ග හරහා මෝටර් රථ මළ මාළු මෙන් පාවී යයි. මුළු ලෝකයටම අවදානමක පවතන බව පෙනී යයි.

හරිතාගාර වායු විමෝචනය මඟින් පූර්ව කාර්මික යුගයට වඩා සෙල්ෂියස් අංශක එකකට (1.8 ° F) වඩා උණුසුම් ග්‍රහලෝකයක් නිපදවා ඇත. එහි වායුගෝලය, පුරෝකථනය කල හැකි සහ එසේ කල නොහැකි විශ්මය දනවන කාලගුණ තත්වයන් ඇති කරයි. තවද, විමෝචනය අඛණ්ඩව පැවතීමත් සමඟ එය වඩාත් නරක අතට හැරෙනු ඇත.

අවාසනාවකට මෙන්, 2021 සමහර විට 21 වන සියවසේ සිසිල්ම වසරවලින් එකක් වනු ඇත. ඉදිරි දශක කිහිපය තුළ පූර්ව කාර්මික කාර්මික යුගයේ මට්ටමට වඩා උෂ්ණත්වය 3°C කින් ඉහළ ගියහොත් නිවර්තන කලාපයේ විශාල ප්‍රදේශ අධික ලෙස රත් වීමේ අවදානමක් ඇත. කොරල්පර සහ ඒ මත යැපෙන ජීවීන් අතුරුදහන් වන අතර ඇමසන් වනාන්තරය එහිම අවතාරයක් බවට පත්වනු ඇත. එසේම අස්වැන්න දැඩි ලෙස අසාර්ථක වීම සාමාන්‍ය දෙයක් වනු ඇත.

ඇන්ටාක්ටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටු ආපසු හැරවිය නොහැකි තැනට ලිහෙනු ඇත. බලාපොරොත්තු වන මුහුදු නැගීම අද මෙන් මිලිමීටර වලින් නොව මීටර වලින් මනිනු ඇත. වසර 6 කට පෙර, පැරීසියේදී, ලෝකයේ රටවල් 2°C ට වඩා අඩු උෂ්ණත්වයක් පවත්වා ගැනීමට හැකි වන පරිදි ශුද්ධ හරිතාගාර වායු විමෝචනය ඉක්මනින් තුරන් කිරීමෙන් නරකම තත්වය වළක්වා ගැනීමට කැප වන බවට පොරොන්දු විය. නමුත් එම ඉලක්කය කරා ඔවුන් ගෙන යන ප්‍රගතිය කණගාටුදායක තත්වයක පවතී. කෙසේ වෙතත්, ඔවුන්ගේ උත්සාහයන් 2°C ඉලක්කය සපුරා ගැනීම සඳහා වන උනන්දුව විලාසිතාකාර සහ නාට්‍යමය ලෙස ඉහලින් තිබුනද, එය, අද දවසේ වනාන්තර ගිනි ගැනීම වළක්වන්නේ නැත. හෙට තණබිම් වියලී යනු ඇත. ගංගා ඉවුරු කැඩී යයි. හිම කඳු ග්ලැසියර අතුරුදහන් වේ. එම නිසා විමෝචනය අඩු කිරීම ප්‍රමාණවත් නොවේ.

වෙනස් වන දේශගුණයට අනුගත වීම සඳහා ලෝකයම වහාම ආයෝඡනය කළ යුතු තත්වයට පැමිණ ඇත. ශුභාරංචිය නම් අනුවර්තනය වීම සඳහා දේශපාලන අර්ථයක් තිබීමයි. එනම් එහි අවශ්‍යතාවය ජනතාවට පැහැදිලිව දැක ගත හැකිය. උදාහරණයකට රටක් ගංවතුර ආරක්‍ෂාව සඳහා ආයෝඡනය කරන විට සෙසු සියල්ලටම වඩා තම පුරවැසියන්ට සෙත සැලසෙයි.

සමහර අනුවර්තනයන් පහසුවෙන් සංස්ථාපනය කොට ඇත. ඒ අනුව පැමිණෙන ගංවතුර ගැන ජර්මානුවන්ට අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් නිසැකවම දියුණු වනු ඇත. නමුත් අනෙකුත් ගැටලු සඳහා නෙදර්ලන්තයේ ජල කළමනාකරණය සඳහා යෙදවූවා වැනි විශාල මහජන ආයෝඡනයක් අවශ්‍ය වේ. පොහොසත් රටවලට එවැනි දේ දරා ගත හැකිය. දුප්පත් රටවලට සහ දුප්පත් මිනිසුන්ට උදව් අවශ්‍යයි. ඒ නිසා පැරීසියේ දේශගුණික ගිවිසුම මඟින් වාර්ෂිකව ඩොලර් බිලියන 100 ක් ධනවතුන්ගෙන් දුප්පතුන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටී. එහෙත් පොහොසත් රටවල් තවමත් දේශගුණික විපර්යාස ගිවිසුම් සමග එකඟව ජීවත් වීමට පටන් ගෙන නැත. දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජෝ බයිඩන්ගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී පසුගිය ජූලි 20 දින දුප්පත් රටවල අනුවර්තනය සඳහා ඩොලර් බිලියන 1.5 ක ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ අතර 2024 වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල අනුවර්තනය වීම සහ අවම කිරීම සඳහා වූ ආයෝඡනය වැඩි කිරීමට සැලසුම් කොට ඇත. එවැනි තවත් උත්සාහයන් අත්‍යවශ්‍යයි.

නමුත් ඒවාටද සීමාවන් ඇත. ජලය අඩු ප්‍රමාණයන් භාවිතා කිරීම වැනි විකල්පයන්ට යා හැකිය. නමුත් ඒ කිසිවකින් මේ ප්‍රශ්නයට විසඳුම් නොමැත. සමහර උෂ්ණත්ව හා ආර්ද්‍රතා හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම් කළ නොහැකිවනු ඇත. එක් ගංවතුරක් අධික වූ විට ඉන් පසුව ඉඩම් අතහැර දමනු ඇත. කොරල්පර නැති වීම යනු ඒවා සදහටම නැති වී යාමයි.

සමහර විද්‍යාඥයින් විශ්වාස කරන පරිදි දේශගුණික පද්ධතිය අද දක්වා පෙන්නුම් කළ ප්‍රමාණයට වඩා ඉදිරියේදී සංවේදී වන බව ඔප්පු කළ හැකි අතර එමඟින් වායුගෝලය තවදුරටත් උනුසුම් වීම ඉහල යන බව පවසයි.

එබැවින් වඩාත්ම විශිෂ්ට අනුවර්තනය වීමේ ක්‍රමය අධ්‍යයනය කිරීම ද ඥානාන්විත ය. එනම් 'සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව' ( Solar geoengineering ) වෙත යොමු වීමය ( මෙය සූර්ය විකිරණ වෙනස් කිරීම solar radiation modification (SRM) යනුවෙන්ද හැඳින්වේ ). මෙය හිරු එළිය පරාවර්තනය කරමින් වායුගෝලයේ වලාකුළු හෝ අංශු ස්ථර කැඩපතකට තරමක් සමාන කිරීමට දරන උත්සාහයකි. එනම් මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස සීමා කිරීම හෝ ආපසු හැරවීම සඳහා හිරු එළිය (සූර්ය විකිරණ) අවකාශයට නැවත පරාවර්තනය කරන දේශගුණික ඉංජිනේරු විද්‍යාවකි.

නමුත් හරිතාගාර වායු උණුසුම් කිරීමට එරෙහිව එයට ඍජු, සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් සැපයිය නොහැක. නිදසුනක් ලෙස එය විසින් වර්ෂාපතනය හා උෂ්ණත්වය තරමක් අඩු කිරීමට ඉඩ ඇති අතර වර්ෂාපතන රටාවන් වෙනස් විය හැකිය. නමුත් පසුගිය වසර 15 පුරාවටම සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් සනාථ කර ඇත්තේ 'සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව' මඟින් හරිතාගාර උණුසුම් වීමෙන් ඇති වන හානිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි. කිසිවෙකු තවමත් නොදන්නා කරුණ නම්, ඔවුන්ගේ පෙලඹීම්කරුවන්ගේ අවශ්‍යතා පමණක් නොව, ඔවුන්ට බලපෑම් කරන සෑම රටකම වුවමනාවන් පිළිබිඹු වන පරිදි එවැනි යෝජනා ක්‍රම කෙසේ දියුණු කළ හැකිද යන්නයි. විවිධ රටවල් විවිධ ප්‍රමාණයෙන් සිසිලනය සොයති. 'සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව' ක්‍රියාත්මක කිරීමේ සමහර ක්‍රම සමහර ප්‍රදේශවලට උපකාර වන අතර අනෙක් ප්‍රදේශ වලට හානි ඇති කරනු ඇත.

මිනිසුන් යහපත් කිසිවක් නොකරන විට 'සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව' ගැන සිතීම සහ එම ගැටලුවලට මුහුණ දීම අවශ්‍ය වන අතර ඒවා කෙරෙහි අඩු උනන්දුවක් දක්වන බලවතුන්ට එවැනි යෝජනා ක්‍රම අත්හදා බැලීමේ අවදානම ද තිබිය යුතුය.

'The Economist' සඟරාවෙනි.