Menu
Contact us
×
Wednesday, September 18th, 2024
ඉරණම් සහගත ව්යසනයක් අභියස සිටිනා රුසියාව

දේශගුණික විපර්යාස තුල නිත්‍ය හිම දියවීම හේතුවෙන් 2050 වන විට රුසියානු ආර්ථිකයට ඩොලර් බිලියන 67 කට වඩා අහිමි විය හැකි අතර එමඟින් රටේ බොහෝ යටිතල පහසුකම් වල පදනම් වලට තර්ජනයක් වන බව ස්වභාවික සම්පත් හා පරිසර විද්යා ඇමති ඇලෙක්සැන්ඩර් කොස්ලොව් පසුගිය සතියේ පරිසර සමුළුවකදී පැවසීය.

nullThawing permafrost: NASA/JPL-Caltech

රුසියාවේ අතිවිශාල භූමි ප්‍රමාණයෙන් සියයට 65 ක් පමණ නිත්‍ය හිම වලින් වැසී ඇත - බොහෝ විට වසර දහස් ගණනක් පැරණි ස්ථර වල අවුරුද්ද පුරාම ශීත වී පවතින අයිස් සහ පාංශු මිශ්‍රණයක් පවතී. නමුත් බොහෝ රටවල් වලට වඩා වේගයෙන් රුසියාව අත්විඳින දේශගුණික විපර්යාස සහ උෂ්ණත්වය ඉහළ යාම, එම අධික ශීත වූ පෘථිවියේ කොටස් විනාශ කරමින් සිටින අතර බොහෝ විට රුසියාවේ සයිබීරියානු යටිතල පහසුකම් සහ කර්මාන්ත සඳහා විනාශකාරී බලපෑම් ඇති කරමින් තිබේ.

null

මොස්කව් ටයිම්ස් පුවත්පතට අනුව, "නව දුම්රිය මාර්ග සහ මාර්ග තැනීමේදී ගැටලු තිබේ" යනුවෙන් කොස්ලොව් පැවසීය. " ස්ථීර-හිම වලින් වැසුණු ප්‍රදේශ වල ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලින් 40% කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් හානි වී ඇති බව" ඇමතිවරයා පැවසීය. අවධාරණයෙන් ප්‍රකාශ කරනු ලැබූයේ, මෙම දියවීමේ ප්‍රසාරණ බලපෑම් රජයේ යන්ත්‍රනය තුළ හොඳින් අවබෝධ කර ගෙන නැති බවය.

සයිබීරියාවේ උතුරු වෙරළ තීරයේ පොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇති රුසියාවේ ආක්ටික් සංවර්ධන වැඩ සටහනට මෙන්ම වර්තමානයේ උතුරු මුහුදේ ඇති මාර්ග නමින් හැඳින්වෙන ධ්රැවීය මාර්ග ඔස්සේ වාණිජමය නැව්ගත කිරීම් සිදු කිරීමත් සමඟ ස්ථීර හිම තත්වයන් නිරීක්ෂණය කිරීම අඩු බව ඔහු පැවසීය. null

  දැනට පවතින යටිතල පහසුකම් වලට වන පිරිවැය හා හානිය හැර, අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ කාර්මික දෝෂ වලින් 23% ක් පමණ සහ පොසිල ඉන්ධන නිස්සාරණයෙන් 29% ක් පමණ පාඩු සිදුවන්නේ සදාකාලික හිම දියවීම හේතුවෙන් බවය. දැනට පවතින සියලුම ආක්ටික් යටිතල පහසුකම් වලින් සියයට 70 ක් පමණ අවදානමට ලක්ව ඇති බවට ද විශ්මය ජනක නිගමනයකට එළඹුණි. එයට රුසියාවේ තෙල් හා ගෑස් ව්‍යාපෘති වලින් 45 % ක්, ගොඩනැගිලි 36,000 ක් සහ මිලිටරි ඒවාද ඇතුළුව ගුවන් තොටුපල දුසිම් ගණනක්ද අබලන් වී ඇත. අන්තරායන් ව්‍යුහාත්මක හානිවලට පමණක් සීමා නොවේ. නිත්‍ය තුහින දියවී යන විට, එය මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ගබඩා කරයි ( ගෝලීය උණුසුම සඳහා වඩාත් වගකිව යුතු වායුව ) එවිට උෂ්ණත්වය තවත් ඉහළ යයි.null

එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක 2019 ආක්ටික් වාර්තා කාඩ්පතට අනුව, සයිබීරියාව, ඇලස්කාව, ග්‍රීන්ලන්තය සහ කැනඩාවේ ඇති නිත්‍ය හිම පරිසර වල කාබනික කාබන් මෙට්‍රික් ටොන් බිලියන 1,460 ත් 1600 ත් අතර ප්‍රමාණයක් ඇතැයි සැලකේ. එය දියවන විට කාබන් ඩයොක්සයිඩ් බවට පරිවර්තනය වේ. එම වාර්තාවේ දැක්වෙන්නේ, මෙම ද්‍රවාංක ක්‍රියාවලිය හේතුවෙන් ආක්ටික් කලාපය දැන් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 1.1 සිට 2.2 දක්වා ලෝක වායුගෝලයට මුක්ත කරන බවයි. එය ජපානය, පහළ කෙලවරේ සහ ඉහළ කෙළවරේ රුසියාව වැනි රටවල වාර්ෂික කාබන් දායකත්වයට සමානය. ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය මඟින් දේශගුණික බලපෑම් හේතුවෙන් ඇති වන ස්ථීර හිම දියවීම් වලින් සිදුවන හානිය නිරීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණ බව ටයිම්ස් වාර්තාව සඳහන් කරයි.