ශිරාල් ලක්තිලකගේ සටහන:
"මෙම ලිපිය මාලිමාවුන්ගේ කියවීමට නොවේ!
මාලිමාව පලමු මනාපයෙන්ම දිනන ප්රවනතාවයක!
දකුනු ඉවුරේ දේශපාලනය වහා එක කොඩියක් යටතට ගෙන ඒමට කාලය එලඹ තිබේ!!!!!!
මා විසින් මීට පෙර ලියා තැබුවේ මෙවර ජනාධිපතිවරන ප්‍රතිපලය
පුරවැසියන්ගේ දෙවන මනාපයෙන් තීරනය වීමට ඇති ඉඩකඩ ඉතා ඉහල බවය.
එසේම මා ලියා තැබුවේ දැවැන්ත සමාජ කැමැත්තේ රැල්ලක් ඇතිවන්නේ නම් (sea
change)මාලිමාවට ලැබෙන පලමු මනාපය තුලින්ම රටේ ජනාධිපතිධූරයට අනුර පත්වීමේ
සම්භාවිතාවයක් පවතින බවයි.
ජනාධිපතිවරනය ආරම්බවී පලමු සතිය තුල සමාජය දැන් දැන් පෙන්වමින් සිටින්නේ
දැවැන්ත ලෙස පාවෙන චන්ද දායකයන් පිරිසක් මාලිමාව වටා රොක්වෙමින් තිබෙන
බවකි.
එහි උච්ඡයට මීලඟ දින 30 අවසානයේදී ලඟාවීමට නියමිතය.
ඒ බව පිලිගන්නට අප කුහක නොවන නමුත් අපේ දේශපාලන ඉවුර ද. නැවත ගොඩනැගීමට
කාලය පැමින ඇති බවක් දැන් දැන් පෙනෙන නොපෙනෙන ගානට පැමින තිබෙන හෙයින් ඒ
බවක් මෙසේ ලියා තබමි.
දකුනු ඉවුරේ දේශපාලනය පිලිබඳව රනිල් මෙන්ම සජිත් තම චන්ද දායකයාට ලබා
දෙමින් සිටින්නේ බාල මට්ටමේ පනිවුඩයකි.
රනිල් වෙනුවෙන් වජිර, මනුෂ හා හරින් සමාජයට ලබා දෙන වගාඩම්බර ගර්හිත
පනිවුඩය සමාජය අවශෝෂනය කරන බවක් පෙනෙන්නට නැත.
සජිත් වෙනුවෙන් සමාජයට තම පනිවුඩය සන්නිවේදනය කරන මර්ක්කාර්, මුජිබර් හා
සුජීවගේ පනිවුඩය තුල ද පවතින්නේ හරසුන් ප්රලාපයන්ය.
ඒ නිසාම සමාජය ඒවා serious පනිවුඩ ලෙස නොසලකන බවක් පෙනෙති.
මෙයට හේතුව වී ඇත්තේ බහුතර සමාජයක් විසින් ඔවුන්ගේ පනිවුඩය දෟෂ්ඨිගත
පනිවුඩයක් ලෙස නොතැකීමය. ( ඔවුන් ද දෟෂ්ඨිගත පනිවුඩයක් යනු කුමක්දැයි
නොදන්නවාට කිසිදු සැකයක් නැත)
දෟෂ්ඨිගත පනිවුඩයක් ගොඩනොනැගෙන්නේ කඳවුරක් ලෙස දේශපාලන බලමුලු ගැන්වීමක්
සිදු නොවන කලය.
මාලිමාව හොඳට හෝ නරකට එක දේශපාලන කඳවුරක් නිර්මානය කොට තිබේ. එය සාපේක්ෂ
වමකි.
එසේම කඳවුර තුලින් නික්මෙන්නේ දෟෂ්ඨිවාදයකි.
මාලිමාවට ප්රතිපක්ෂව කඳවුරු දෙකකි. ඒ තුලද දකුනේ ඉවුර කාගේදයි කියන්නට දන්නේ දෙවියන් පමනකි.
ඉදින් මාලිමාවට අභිමුඛ වන දකුනේ අපේක්ෂකයා කව්දැයි තෝරා බේරා ගන්නට චන්ද දායකයාට අපහසුවී තිබේ.
ඇතමෙකුට එම අපේක්ෂකයා රනිල්ය. තවකෙකුට එම අපේකෂකයා සජිත්ය.
මෙම ව්‍යාකූලත්වයේ වාසිය ලබා ගෙන ඇත්තේ මාලිමාවයි.
මාලිමාව දැන් පෙනෙන්නේ රට තුල සිටින එකම දැවැන්ත දේශපාලනික බලවේගය ලෙසටය.
එයට හේතුව දේශපාලනික දකුන සමගි නොවීමයි.
මාලිමාවේ ජයග්‍රහනය
තහවුරු කිරීම උදෙසා මෙරට දේශපාලනික දකුන කරන ලද අයිතිහාසික දේශපාලනික
වැරදි කීපයකි.එනම්;
1. සජබ හා එජාපය එක පෙරමුණකට පැමිනීම සඳහා බල දේශපාලනික එකඟතාවයක් ඇති
කරගැනීමට රනිල් සහ සහ සජිත් අපොහොසත් වීම එහි පලමු වැන්නයි.
2. බැසිල්ගේ යෝජනාව පරිදි රනිල් විසින් පාර්ලිමේන්තු මැතිවරනය ජනාධිපතිවරනය
පෙර පවත්වුයේ නම් මාලිමාව මෙතරම් බලවත් තැනකට නොඑන්නට ඉඩ තිබුනි.
3. රනිල් ජනාධිපතිවරයා විසින් තමන්ට පැවරුන අනුප්රාතික බලය නිහතමානී ලෙස හා ජන සංවේදීව භාවිතා කිරීමට නොපෙලඹීම තුන්වැන්නයි.
4. පොහොට්ටුවේ කරපිටින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට නැවත බලයට පැමිනෙන්නට හැකියයි මිත්‍යා
විශ්වාසයකට රනිල්ගේ කඳවුර එලඹීම,
5. එසේ විශ්වාස කරමින්ම රනිල් රාජපක්ෂ ලේබලය ගලවා ගැනීම උදෙසා හෝ සැබෑ ලෙසම
රටේ ආර්ථිකය ගොඩගත් නායකයාට රටේ මනාපය හිමිවන්නේය යන විශ්වාසය මත රාජපක්ෂ
කඳවුර අතහැර දැමීම.
මේ සමස්තයේ ප්‍රතිපලය වී ඇත්තේ මේ වන විට මාලිමාවට ප්රතිපක්ෂව දුර්වල කඳවුරු තුනක් නිර්මානය වී එම කන්ඩායමි තුනම එක ප්‍රබල
කඳවුරක් සමග තරඟයට අවතීර්න වීමයි.
අද ලාංකික දේශපාලනික දකුන මුහුන දෙන අනාගත අරබුදය යට වගකිව යුත්තේ රනිල් සහ
සජිත්ගේ දේශපාලන චින්තනයයි.
එම චින්තනය අපට පහදා ගත හැක්කේ රොබට් නොක්ස් සිංහලයා පිලිබඳව කියු
කතාවකිනි. නොක්ස් කියන්නේ සිංහලයා සැම විටම සිතන්නේ තමන් කපටි බවයි. එසේම
තමන් බුද්ධිමත් අයකු ද වන බවයි. නමුත් අවසානයේදී ඔප්පු වන්නේ තමන් කපටියකු
නමුත් මෝඩයකු බවයි.
මාලිමාව සමාජය ආක්රමනය
කරමින් සිටින පරිමාවේ විශාලත්වය දෙස බලන කල මෙරටේ දේශපාලන දකුනට නායකත්වය
දෙමින් සිටින රනිල් සහ සජිත් දෙපල සතු චින්තනයේ දුගී බව තහවුරු වන්නේය.
මාලිමාව රාජ්‍ය
බලය ගැනීමට උපකාර කිරීමට හේතු වන්නේ දේශපාලනික දකුන තුල පැවති බලලෝභී
ආත්මාර්තකාමීත්වයයි.
රනිල් සිතුවේ ජේආර් රට පාලනය කල ලෙස අද දවසේ තම පාලනය සිදු කරන්නටය. සජිත්
සිතුවේ තම පියානන් රට පාලනය කල ලෙසටම තම පක්ෂය හරහා දේශපාලනය කරන්නටය.
ජේ ආර් මෙන්ම ආර් ප්‍රේමදාස තුලින් වර්ථමාන සමාජය සමග දේශපාලනික ගනුදෙනු කරන්නට රනිල් සහ සජිත් මේ තාක් දුරට දැරු උත්සාහය සමාජය විසින් ප්‍රතික්ෂේප
කරමින් තිබෙන බව දැන් තහවුරු වෙමින් තිබේ.
ලාංකික සිංහල උගත් මිනිසාගේ පරිකල්පනය තුලට රනිල්ගේ හෝ සජිත් ගේ දේශපාලනික
දෟෂ්ඨිය ඇතුල නොවන්නේ ඒ තුල සිංහල උගත් පරිකල්පනයට උකහා ගත හැති අළුත් යමක්
ඒ තුල නොපවතින නිසාය. ඔවුන් ගෙන එන්නේ නැවුම් බවක් නොමැති අලස කතාවන්ය.
නමුත් මෙම යතාර්තය වටහා ගන්නට තරම්වු දේශපාලනික සවිඤ්ඤාකත්වයක් සහිත
මිනිසුන් රනිල් හා සජිත් වටේ නොවෙති.
ඔවුන් සිතන්නේ තමන් මෙතෙක් භාවිතා කල ගතානුගතික සිතුවිලි හා උපක්‍රම
හරහා බලය ලබා ගතහැකි බවය.
ඒ නිසාම එක නඩයක් ජවිපෙට බැට දෙන්නට කතා කරන කල තවත් නඩයක් හොරුන් සමග
රනිල්ගේ වාසය ගැන කියා රනිල්ට බැට ලබාදෙති. රනිල් ගේ නඩය සජිත් දෙකේ කොලයට
දමති. සමාජය ඒ දෙස හාස්‍යයෙන් බලා තව තවත් මාලිමාවටම ලංවෙති.
මෙවන් පසුබිමක දැන් අප සිතිය යුත්තේ මාලිමා ආන්ඩුවෙන් එපිටට දකුනේ දේශපාලනය අනාගතවාදීව ගොඩනඟන්නේ කෙසේද යන්න පිලිබඳවය.
එය ලෙහෙසි පහසු කාර්යක් නොවෙති. නමුත් වැර යොදා උදාකරගත යුත්තකි."
නීතිඥ ශිරාල් ලක්තිලක