Menu
Contact us
×
Thursday, September 19th, 2024
බංකලොත් රට ගොඩගත්තේ රනිල් බව චම්පික නොකියා කියයි
තමන් එක්විය යුත්තේ රනිල් පාර්ශවයට ද සජිත් පාර්ශවයට ද යන්තීරණය කිරීම සඳහා කල් බලමින් සිටි චම්පික රණවක මේ වන විට සජිත් පාර්ශවයට එක්ව ඇත්තේ බලාපොරොත්තු වූ ලෙස සජිත් පාර්ශවයෙන් මන්ත්‍රීන් පිරිසක් රනිල් පාර්ශවය වෙත නොපැමිනීමත්, නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් නිසාය.

චම්පික රණවක හට 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බලාපොරොත්තු තැබිය හැක්කේ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙවර පරාජය වුවහොත් පමණි. එබැවින් ඔහුගේ සැබෑ පැතුම වන්නේ සජිත් ප්‍රේමදාසගේ පරාජයයි.

චම්පික රණවක විසින් පිළියන්දල පවතී ජන හමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කළා:

“ගෝඨාභය ඇතුළු වසල ජාතිකවාදියෝ ගියේ නිකන් නෙවෙයි මේ රටේ ලක්ෂ 220 ක් මිනිස්සුන්ව යාචකයෝ කරලා. තමිල්නාඩුවේ යාචකයින්ගේ සල්ලි වලින් තෙල් ගහන්න පුළුවන් රටක් හදලයි ඒ රැල ගියේ. ඒ රැල දැන් ආයෙත් ඇවිල්ලා අපට දේශනා දෙනවා. උසාවියෙන් රට බංකොලොත් කරන්න වැරදිකාරයෝ බවට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්තයා පත් කළා විතරක් නෙමෙයි මේ රටේ තෙල් පෝලිම් හදලා රට රවට්ටපු ඒ වසල පිරිස සියලු දෙනාම මේකට වගකිව යුතු බව අපි බොහොම අවධාරණයෙන් කියනවා.

අපි ස්තුතිවන්ත වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඇයි? එතුමා අද නාමල් රාජපක්ෂ එතනට දාලා තියෙනවා.  හුඟක් දෙනෙක් හිතුවා හැට නම ලක්ෂයේ ජනතාව ඡන්දේ දීලා අවසානයේ මේ පක්ෂය කැසිනෝ මුදලාලි කෙනෙකුට වික්කා නේද කියලා. අන්තිමට වුණේ මොකක්ද? ධම්මික පෙරේරාට වුණේ ඔය මහින්ද රාජපක්ෂලා පස්සේ ගිය අනිත් සියලු දෙනාට වෙච්ච දේ තමයි. මොකක්ද? පොල්කුඩු ගානට වැටිලා එතනින් දේශපාලනයෙන් ඉවත් වෙලා යන එක. අපි සතුටු වෙන්න ඕනේ පොහොට්ටුව ලකුණෙන් එන, නාමල් රාජපක්ෂ මහත්තයාව බින්දුවට වට්ටලා, අපේ වෛරයයි, කෝපයයි ප්‍රජාතන්ත්‍රවාදීව පළකරන්න අපිට අවස්ථාවක් දීම ගැන, මහින්ද රාජපක්ෂට. මහින්ද රාජපක්ෂට 2022 මැයි 09, ජූලි 09 ඉගෙන නොගත්ත පාඩම ලබන සැප්තැම්බර් 21 වෙනිදට උගන්නන්න අධිෂ්ඨාන කර ගමු කියලා ජනතාවගෙන් අපි ඉල්ලනවා."