Menu
Contact us
×
Monday, April 21st, 2025
චම්පික සහ බදුර්දීන් දිනන පැත්තට හෝයිය

චම්පික රණවකගේ සහ බදුර්දීන්ගේ සහාය සජිත් ප්‍රේමදාස වෙතට හිමිවන බවට පෙනෙන්නට තිබේ.

සජබෙන් විශාල මන්ත්‍රීන් පිරිසක් කැඩී ගොස් රනිල් වික්‍රමසිංහ වෙත එකතු වනු ඇතැයි බලාපොරොත්තුවෙන් සජිත් විවේචනය කරමින් රනිල්ගේ ගුණ වයමින් සිටි චම්පික රණවක මේ වන විට නැවතත් සමගි ජන බලවේගය වෙත සහය පල කිරීමට තීරණය කර ඇති බව පෙනේ. ඔහු පසුගිය කාලය මුළුල්ලේම වරින් වර සජිත් සහ රනිල් යන දෙදෙනා අතර දෝලනය වෙමින් සිටින බව දක්නට ලැබුණි. 

මේ අතර චම්පික රණවකගේ ප්‍රධාන අතවැසියා වූ නිශාන්ත වර්ණසිංහ රනිල් මුණගැසී එජාප සාමාජිකත්වය ලබාගත්තේය.

සැමදා ජයග්‍රහණය කරනු ඇතැයි පෙනෙන්නට තිබෙන පාර්ශවයේ එල්ලෙන බදුර්දීන් මෙවර ද තම දිනන පැත්තට හෝයියා ප්‍රතිපත්තිය ක්‍රියාවට නගා තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දෙසට ද ඇඟිල්ල දිගු වීම හේතුවෙන් සහ විල්පත්තු නඩු තීන්දුව හේතුවෙන් වසර 5ක පමණ කාලයක් බදුර්දීන් ප්‍රසිද්ධ දේශපාලනයෙන් පසු බැස ගොස් සිටියේය.


මෙවර ජනාධිපතිවරණයේදී ජනමතය ජාතික ජනබලවේගය වෙතට වැඩි නැඹුරුවක් දක්වවන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේම වැඩි වාසි සහගත තත්වය සැලසී ඇත්තේ ජාතික ජන බලවේගය වෙතයි. නමුත් චම්පික රණවක හෝ බදුර්දීන් එම බලවේගයට භාරනොගන්නා බැවින් ඔවුනට ඉතිරිව ඇත්තේ ස.ජ.බ. පමණි.