Menu
Contact us
×
Thursday, September 19th, 2024
කිසියම් දේශපාලන බලවේගයක් පිළිබද විනිෂ්චය කිරීමේදීමුදල් අවභාවිතය වැනි කරුණු නොසලකා හරිය යුතුය - මහාචාර්ය නිර්මාල් දේවසිරි

මහජන මුදල් අවභාවිතා කරනු ලැබීම පිළිබඳව මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා තැබූ ෆේස්බුක් සටහන.

දේශපාලකයින් විසින් මහජන මුදල් අවභාවිත කරනු ලැබීම පිළිබද ජාතිකවාදී මතය!!! 
========================================================
දේශපාලකයින් විසින් මහජන මුදල් අවභාවිත කරනු ලැබීම ගැටලුවක් වුව ද එය සාමාන්යයෙන් සිදුවන දෙයකි. අඩු වැඩි වශයෙන් සෑම දේශපාලකයෙක්ම මහජන මුදල් අවභාවිතය සහ අයථා ලෙස තම දේශපාලන බලය යොදාගෙන මුදල් ඉපයීම හා අයථා ලෙස ඉපයූ ධනය සිය දේශපාලන බලය උපයෝගී කරගෙන සගවා තැබීම සිදු කරනු ලබයි. ඒ නිසා කිසියම් දේශපාලන බලවේගයක් පිළිබද විනිෂ්චය කිරීමේදී මේ කාරණා නිර්ණායක කරගැනීම නොකලයුතුය. මෙවැනි දේ වලක්වාගැනීම හොදය. ඒ සදහා උත්සාහ කිරීම ද හොදයි. ඒත් එය දේශපාලනයේ මූලික දෙය නොවිය යුතුය. මූලික විය යුත්තේ ජාතික අපේකෂාවන්ය. මේ කියන දේවල් සදහා ප්රමුඛත්වය දිය යුත්තේ ජාතික අභිලාෂ වලට ඉහළ ප්රමුඛත්වය දී ඉන් පසුවයි.