Menu
Contact us
×
Wednesday, September 18th, 2024
ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය ජාතික ජන බලවේගය - නිර්මාල් දේවසිරි

ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටීමේ සහ ක්‍රියා කිරීමේ වැදගත්කම කුමක්ද යන්න මේ ජනාධිපතිවරණය අභියස සලකා බැලීම වැදගත් යැයි

මාලිමාවේ ජය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් අද (10) පවත්වන ලද මාධ්‍ය හමුවේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.


 “ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනීසිටීමේ සහ ක්‍රියා කිරීමේ වැදගත්කම කුමක්ද යන්න මේ ජනාධිපතිවරණය අභියස සලකා බැලීම වැදගත්. අපේක්‍ෂකයන් 38ක් සිටියත්, ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ අපේක්‍ෂකයන් තුන්දෙනයි. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනා මේ අතර සිටියත්, රනිල් වික්‍රමසිංහට ඉදිරි පෙළ පෙනීමක් තිබෙන්නේ ඔහු දැනටත් ඉන්න ජනාධිපතිවරයා වන නිසයි. මේ අපේක්‍ෂකයන් තිදෙනෙක් බව පෙනුණත්, පැහැදිලිවම පාර්ශ්ව දෙකයි තිබෙන්නේ.

 

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මාලිමාව සහ එයට විරුද්ධ පාර්ශ්ව වශයෙන් මේ බෙදීම පවතිනවා. ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති, විවාදවල වාගේම සමාජ මාධ්‍ය අවකාශයේත් පවතින්නේ ඒ ආකාරයෙන්මයි.

 

මාලිමා විරෝධීන් රනිල්ගේ පාර්ශ්වය, සජිත්ගේ පාර්ශ්වය, නාමල්ගේ පාර්ශ්වය, දිලිත්ගේ පාර්ශ්වය විතරක් නොවෙයි, ජන අරගල ව්‍යාපාරය කියන නුවන් බෝපගේගේ පාර්ශ්වය යන සියලු දෙනාගේ ප්‍රචාරක ව්‍යාපාරය යොමු වී තිබෙන්නේ මාලිමා විරෝධයකටයි. මාලිමාව සහ සෙසු පිරිස් අතර ජනාධිපතිවරණ තරගය පවතින බව මූලික ලක්‍ෂණයක්. අපේ පක්‍ෂපාතීත්වය නිසා කියනවා නොවෙයි, සැබැවින්ම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර දිසානායක සහෝදරයායි. ඔහුට ආසන්න තරගයක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟ බව පේනවා.

 

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ගැන සැලකිල්ලෙන් බැලුවාම මාලිමාව නියෝජනය කරන ප්‍රතිසංස්කරණවාදී ඉලක්ක සහිත අපේක්‍ෂකයෙක් ලෙස සමාජයේ පහළම තීරුවේ ජනතාව සම්බන්ධයෙන් පෙනීසිටින්න උත්සාහ කරනවා. නමුත්, සජිත්ගේ පාර්ශ්වය සහ මාලිමාව අතර වෙනස තේරුම් ගන්න නම්, සංසන්දනය කළ යුත්තේ, හර්ෂ ද සිල්වා සහ මාලිමාවයි.

 

ඒ කියන්නේ හර්ෂ ද සිල්වාගේ පෙනීසිටීම සහ සජිත් ප්‍රේමදාසගේ පෙනීසිටීම අතර මූලික වෙනසක් තිබෙනවා. සජිත් පාර්ශ්වයේ ප්‍රධාන ආර්ථික චින්තකයා හර්ෂ ද සිල්වා. ඔහුගේ ප්‍රතිපත්තිමය නැඹුරුව රනිල් වික්‍රමසිංහයි. පදනමින් ගත්තාම වෙනසක් නැහැ. ඔහු ප්‍රකාශ කරන්නේ, “මාලිමාව ආවොත්, අයි.එම්.එෆ්. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවා” කියලා. ඔහු පුන පුනා කියන්නේ අයි.එම්.එෆ්. ප්‍රවේශය නියෝජනය කරන්නේ සමඟි ජන බලවේගය බවයි.

 

රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් කියන්නෙත් ඒකයි. ඒ අනුව මාලිමාවේ ආර්ථික චින්තනය සහ හර්ෂ ද සිල්වාගේ ආර්ථික චින්තනය අතර වෙනසක් මිස එළිපිට පෙනෙන ආකාරයෙන් සජිත් සහ අනුර අතර තරගයක් නැහැ. මෙතෙක් කල් ලංකාව අනුගමනය කළ ආර්ථික සහ දේශපාලන ක්‍රමය අධිපති ක්‍රමය බව අපි දන්නවා. එහි දිගුවක් රනිල් වික්‍රමසිංහ පැහැදිලිව නියෝජනය කරන අතර, විකල්පයක් ලෙස පෙනීසිටින්න උත්සාහ කළත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන්නෙත් එයමයි. පසුගිය කාලයේ අන්ත දූෂිත දේශපාලනය නියෝජනය කළ පිරිස රනිල් සහ සජිත් අතර බෙදී ගොස් සිටිනවා.

 

මේ තත්ත්වය තුළ ජනතා කේන්ද්‍රීයව සලකා බැලුවාම 2022 අරගලයෙන් ඉල්ලා සිටි ක්‍රම වෙනස නියෝජනය කළ විශාල ජනතාවක් ඉන්නවා. ක්‍රම වෙනස කියන්නේ මූලික වශයෙන් ගත්තාම ජනතාව බලාපොරොත්තු වන්නේ දූෂිත ක්‍රමය අවසන් කර දූෂිත දේශපාලනයෙන් බැහැර වීමයි. ඒ ක්‍රම වෙනස සාක්‍ෂාත් කර ගැනීම සඳහා තෝරාගෙන තිබෙන දේශපාලන බලවේගය වී තිබෙන්නේ ජාතික ජන බලවේගයයි.

 

ජනයාගේ අභිලාෂය නියෝජනය කරනවා නම්, අපට තිබෙන එකම විකල්පය වන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්‍ෂකත්වය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව සෘජුවම ප්‍රකාශ කරනවා. එයින් නියෝජනය කරන්නේ මාලිමාවේ සමස්ත බහුජන ව්‍යාපාරයයි.

මම ඒ මතය නියෝජනය කරන සහ ක්‍රියාකාරීව මැදිහත් වන පුද්ගලයෙක්.