පණ්ඩුකාභය ලාංකික දේශපාලන ඉතිහාසයේ බහු ජාන සංකේතය ය. ඔහු විසින් බහු ජාන සංයුතියකින් රාජ්‍ය නිර්මාණය කළ බව පැහැදිලි ය.
ඒ බහු ජාන සුසැදිය නිර්මාණය කිරීමේදි ඔහුට පුර්වාදර්ශය සපයන්නේ සොබා දහම මත නැගුණු මානව චින්තනයය. එමෙන්ම රාජ්‍ය සමග සහවාස නොවූ මුල් බුදු දහමය. මෙසේ ඔහු බිහි කළ දේශපාලනය තුල තිබූ බහු සරාගි නිදහස කැපී පෙනෙන විශේෂත්වයක් ගනී.
නේක හැගීම්, නේක සිතුම් සහ නේක ආශාවන් එකිනෙකට වෙනස්ය. එකිනෙකට වෙනස් බව ඔහුගේ'ග්‍රාම රාජ්‍ය 'හෙවත් 'පුර රාජ්‍ය' සංකල්පයේ පදනමද වේ.
පණ්ඩුකාභය හා ස්වර්ණපාලී මුණගැසීම - ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමක්
මෙම එකිනෙකට වෙනස් බව බහු බන්ධනය කල පණ්ඩුකාභය රජු බහු බන්ධනයේ පදනම සරාගය බව පෙන්වයි. එය දිස්වන්නේ ඔහු ගොඩනංවන අනුරාධපුර නගරයාය තුලින්ය. අනුරාධපුරය අංග විසිඅටකින් විධිමත් කල නගරයායකි. ග්‍රීකයේ ඇතෑන්ස් නුවරට පූර්වයේම අනුරාධපුර නගරයාය ගොඩනැගේ. අනුරාධපුර නගරයායේ නගරංග අටවිස්ස අතර ඇති රති කෙළි දෙවොල ඒ අතරින් සුවිශේෂය.
මෙම එකිනෙකට වෙනස් බව බහු බන්ධනය කල පණ්ඩුකාභය රජු බහු බන්ධනයේ පදනම සරාගය බව පෙන්වයි. එය දිස්වන්නේ ඔහු ගොඩනංවන අනුරාධපුර නගරයාය තුලින්ය. අනුරාධපුරය අංග විසිඅටකින් විධිමත් කල නගරයායකි. ග්‍රීකයේ ඇතෑන්ස් නුවරට පූර්වයේම අනුරාධපුර නගරයාය ගොඩනැගේ. අනුරාධපුර නගරයායේ නගරංග අටවිස්ස අතර ඇති රති කෙළි දෙවොල ඒ අතරින් සුවිශේෂය.
සරාගය වෙනුවෙන් කෙළි දෙවොලක් ඉදි කලේ මන්ද. ඉතිහාසය තම රුචි මනාප මත විග්‍රහ කල යුතු විෂයක් නොවේ. එය සියලුම පැති මාන වලින් විමසා බැලිය යුතු විෂයකි. ඒ වගේම රාජ්‍ය දේශපාලනය බිහි කර ගත යුත්තේද සියළු රුචි මනාප එකට තබා ගෙනය.
සියළු රුචි මනාප එකට හමු වෙන භාවය රාග සරාගය ය. එවිට පිට මං කරන්නට නීති ඇවසි නොවේ. පණ්ඩුකාභය ගේ රති කෙළි දෙවොල මේ සියළු භාවයන් පිළිගත් මානව දේශපාලන සංකේතය වන්නේ එබැවින්ය.
දැන් පැන නගින ප්‍රශ්නයකි. එනම් ඉතිහාසකරණයට පිවිසි බොහෝ විද්වතුන්, විද්‍යාර්ථයන්, ඉතිහාසකරුවන් 'රති කෙළි දෙවොල 'ලක් ඉතිහාස කතා කතිකාවෙන් සඟවා තබා තිබීමය. මේ කුමන හේතුවක් නිසාද ?. ඒ නොදන්නා කමය. නොවේනම් බ්‍රාහ්මණ, යුදෙව්, වික්ටෝරියානු චින්තාවට ලක් දිව ඉතිහාසය යටත් කොට ගත් නිසාය.
සිංහල ඉතිහාසය නමින් කතිකා වන්නේ ඒ බ්‍රාහ්මණ, යුදෙව්, වික්ටෝරියානු චින්තන කොටු පවුරෙන් වසා ගත් ඒකමාන අදහස් පමණි. එය පණ්ඩුකාභය රජුට පමණක් නොව සිංහල සිරිතට ද කරන මරු පහරකි. මෙය වෙනම කතිකාවක ගත යුත්තකි. එබවින් යළි අවධානය යොමා ගමන් කළ යුතු වන්නේ අනුරාධපුර නගරංගයේ රති කෙළි දෙවොලට ය.
උපුටාගැනීම -
@theleader.lk