Menu
Contact us
×
Thursday, September 19th, 2024
පොහොට්ටු ගැටුම හා දෙකඩවීම රනිල් වෙනුවෙන් කෙරෙන නාටකයක්


වසර දෙකකට ආසන්න කාලයක් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්කරගෙන ඔහු හරහා නරුම නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට සම්පූර්ණ සහය දුන් පොහොට්ටුවට හදිසියේම වාමාංශික කඳවුර මතක් වී ඇත. ඒ හඬ නගන්නේ තරුණ නාමල් රාජපක්ෂය. ඔහු වාමාංශික බල කඳවුර වෙනුවෙන් පොහොට්‍ටුව වෙනුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කලයුතු බවත් පොහොට්‍ටුව රනිල්ට සහයදීමෙන් වාමාංශීක කඳවුර දියවී යන බවත් පවසයි.
මේ වාමාංශික කිඹුල් කඳුලු, ප්‍රභූ පැලැන්තිය අතර කලින් කලට බලය හුවමාරු කරමින් කරගෙන ගිය වැඩ පිළිවෙල තවදුරටත් පවත්වා ගැනීමට මිනිසුන් රවට්ටන ඇස්බැන්ඳුමක් සඳහය.
රනිල් විරෝධී පොදුජන පෙරමුණු සාමාජිකයා තවදුරටත් පොහොට්ටුව කෙරෙහි රඳවා ගැනීමට පොහොට්ටුව දෙකට බෙදීම අවශ්‍යතාවයකි. එමෙන්ම රනිල් වෙත ලිබරල් මධ්‍යම පාංතික චන්ද ලඟා කරගැනීමට රාජපක්ෂවරුන්ගෙන් තොර පෙරෙමුණක් ගොඩ නැංවිය යුතුව ඇත. 


පොහොට්‍ටුවේ වාමාංශික අදහස් දරණ ජාතික නායකයා නාමල් ලෙස ලේබල් කිරීමත් , පොහොට්ටුවේ සිටි ලිබරල් ධනවාදී කොටස රනිල් වෙත ගැලවී ගියබවත් කරලියට ගෙන එමින් සංඝ ආශිර්වාදයෙන් UNP විරෝධී ග්‍රාමීය පොදු පෙරමුණු  පාක්ෂිකයා ශ්‍රී.ල.නි.ප ය වෙත ගලායාම වැලක්වීමත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තී විරෝධී නව ජාතික නායකයා නාමල් ලෙස අභිශේක කිරීමත් මෙහි අරමුණ වේ. ඒ වෙනුවෙන් ලොහාන් නාමල් ගැටුම, ජොන්ස්ටන් මහින්දානන්ද ගැටුම ආදී ගැටුම් නිර්මාණය කරමින් ජන ගත කරමින් ඇත.
රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග නව පෙරමුණක් ගොඩ නගන්නේ දූෂිත රාජපක්ෂ නාමය නැති පෙරමුණක් ලෙසය.

මෙහිදී නාමල් තම ප්‍රතිවාදියා සජිත් ලෙසද රනිල් තම ප්‍රතිවාදියා අනුර ලෙසද නම් කරන්නේ ඔවුන් නියෝජනය කරන ආර්ථික ප්‍රතිපත්තීන් කවරක්ද යන්න සලකුණු කරමිනි.
මෙහි අනික් සැලැස්ම නම් යම් හෙයකින් දෙවෙනි මනාපය සලකා බලන්නට සිදුවේනම් මේ පෙරමුණු දෙක අතර ඒ වෙනුවෙන් සහයෝගීතාව ඇති කරගනිමින් රනිල් වෙත පොහොට්ටුවේ සම්පූර්ණ සහය දැක්වීමයි. ඒ අනුව පොහොට්ටුවේ උපාය මාර්ගය වී ඇත්තේ රනිල් ජනපතිකරවීමය.


උදේනි ලියනගේ