Menu
Contact us
×
Wednesday, September 18th, 2024
WhatsApp හි ළමා අපචාර ක්‍රියා සංසරණය නතර නොවේ
WhatsAppහි පැතිර යන ළමා ලිංගික අපයෝජන වීඩියෝ සහ ඡායාරූප කිසි ලෙසකින් නතර නොවන බව ආරක්ෂක සමූහයක් අනතුරු අඟවා ඇත. Internet Watch Foundation (IWF) WhatsApp හිමි Meta සමාගම වෙතින් දරුවන් ආරක්ෂා කිරීමට සහ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමට වැඩි යමක් කරන ලෙස ඉල්ලා සිටී.

WhatsApp ප්‍රකාශකයෙකු පැවසුවේ යෙදුමේ පරිශීලකයින්ට වට්ස්ඇප් වෙත මේ සිද්ධීන් කෙලින්ම වාර්තා කිරීමේ හැකියාව ඇති බැවින් මෙම නින්දිත තොරතුරු බෙදා ගන්නා ඕනෑම පරිශීලකයෙකු තහනම් කර ඒවා අතුරුදහන් වූ සහ අතවරයට ලක් වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය වෙතට වාර්තා කළ හැකි බවයි.  

IWF යනු අන්තර්ජාලයෙන් ළමා අපයෝජන අන්තර්ගතයන් හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට උපකාර වන සංවිධානයකි. එහි ප්‍රධාන තාක්‍ෂණ නිලධාරි ඩෑන් සෙක්ස්ටන් පැවසුවේ, මේ සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ එඩ්වර්ඩ්ස් නඩුවෙන් පසුව ද අශෝභන රූප පැතිරීම වැළැක්වීමට මෙටා සමාගමට නොහැකි වී ඇති බවයි.

ඔහු මෙසේ ප්‍රශ්න කර සිටී:

"මම මේ ප්‍රශ්නය ඇසීමට කැමතියි. මෙටා සමාගම මෙය නැවත සිදුවීම වළක්වා ගන්නේ කෙසේද? අද, හෙට සහ අනිද්දා එම සේවාවේ එම පින්තූර නැවත බෙදා ගැනීම වළක්වන්නේ කුමක් විසින් ද? 

WhatsApp ප්‍රකාශකයෙකු යෙදුමේ වත්මන් ආරක්ෂක පියවරයන් ආරක්ෂා කරමින් කියා සිටියේ අනෙකුත් පණිවිඩකරණ යෙදුම්වල "අප විසින් වර්ධනය කර ඇති ආරක්ෂක පියවරයන් නොමැති" බවයි.

ඔවුන් තවදුරටත් මෙසේ පැවසීය:

"තරුණයන් ඇතුළුව සෑම කෙනෙකුම අන්තර්ජාලයේ ආරක්ෂිතව තබා ගැනීමට ඇති වැදගත්ම තාක්‍ෂණයන්ගෙන් එකක් වන්නේ එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා ගුප්තකේතනය ("End-to-end encryption) කිරීමයි. "මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දේශපාලඥයින් ඇතුළු පුද්ගලයින්, ඔවුන්ගේ පුද්ගලික පණිවිඩ කියවීමට අපට අවශ්‍ය නැති බව අපි දනිමු. එබැවින් සබැඳි ආරක්ෂාව පවත්වා ගනිමින් අපයෝජන වැළැක්වීම, හඳුනා ගැනීම සහ ඒවාට එරෙහිව සටන් කිරීමට අපි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සකස් කර ඇත."

මෙටා සමාගම එසේ පැවසුව ද ළමා අපයෝජන වීඩියෝ සහ ඡායාරූප සංසරණය කිසි ලෙසකින් නතර වී නොමැත.