Menu
Contact us
×
Thursday, September 19th, 2024
දිනන පැත්ත බලා එල්ලීමට සිතන පිරිස ලක්ෂ 40ක්ලු

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයක ජයග්‍රාහි පාර්ශව තීරණය වන්නේ අවසන් සති තුළදීය. ඊට හේතු වන්නේ ජයග්‍රහණය කරන පාර්ශවය කුමක්දැයි බලා ඒ පැත්තට හේත්තු වීමට සිටින ඡන්ද දායකයින් පිරිස විශාල බැවිනි.

එම පිරිස බොහෝ දුරට ඇදී යනුයේ ප්‍රභූ දේශපාලන දහරාවක් වෙතයි. ඒ තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු සඳහා සහය ලබා ගත හැක්කේ එවැනි පක්ෂයක් හෝ සන්ධානයක් ජයගැනීමෙන් බව ඔවුන් දන්නා බැවිනි. ජාතික ජන බලවේගයට ඇති අවාසිය මෙයයි.

රාජ්‍ය බුද්ධි අංශ විසින් ඉදිරි ජනාදිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ මේ වන විට ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කරන කරන්නේ කාටදැයි මෙතෙක් තීරණය කර නැති බවයි යනුවෙන් "ලංකා සී නිව්ස්" වෙබ් අඩවිය පවසයි. 

එහි වැඩි දුරටත් මෙසේ සඳහන්ය:

බුද්ධි අංශ විසින් පසුගිය දින කිහිපයේ ඉතා සියුම් ලෙස සිදු කරන ලද සමීක්ෂණවලදී මෙම කරුණු හෙළි වී තිබේ.

බොහෝ පිරිස් ජනාධිපතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා අවසාන සති කීපයේදී තෝරාගනු ඇති බවද එහිදී හෙළි වී තිබේ.

අපේක්‍ෂකයන්ගේ ජනප්‍රියත්වය, ඔවුනට රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම පිරිස තම අපේක්ෂකයා තෝරා ගැනීමට සූදානමින් සිටියි.

මෙහිදී, රට ගොඩනැගීමට ඇති වැඩපිලිවෙල, රටේ පවතින දේශපාලන තත්ත්වය ආදී කරුණු සියල්ල සැලකිල්ලට ගෙන ඔවුන් ඡන්දය පාවිච්චි කරන බව පැවසීම අමූලික ව්‍යාජයකි. ඔවුන් පවසන්නේ එසේ වුව ද සත්‍ය වශයෙන්ම ඒ පිළිබඳව අවශ්‍යතාවයක් එවැනි ඡන්ද දායකයින් හට නොමැත. 
බොහෝදුරට සුළු ජාතික පක්ෂ, විශේෂයෙන්ම මුසොල්මානු පක්ෂ විසින් ද තීරණ ගනුයේ ජයග්‍රහණය කරන පැත්ත කුමක් ද යන්න විමසා බැලීමෙන් අනතුරුවය.