Menu
Contact us
×
Wednesday, September 18th, 2024
Roots: එදා මෙදා තුර පැවති වඩාත්ම වැදගත් රූපවාහිනී කතා මාලාව!

null

1977 දී විකාශය වන විට එක්සත් ජනපදයේ වැඩිපුරම නරඹන ලද කෙටි කතා මාලාව රූට්ස් ය. එය කොටස් අටකින් සමන්විත විය.

null

ඒබීසී ජාලයේ විධායකයින් 1977 දී ඇලෙක්ස් හේලිගේ roots නවකතාව පදනම් කරගත් කුඩා කතා පුවතක් විකාශය කිරීමට තීරණය කළ විට, ඔවුන්ගේ පාඩු අවම කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගත්හ. ඇමරිකානු වහල්භාවය විඳ දරාගෙන අවසානයේ නිදහස ලබා ගන්නා බැවින් අප්‍රිකානු පවුලක් ගැන නාට්‍යයක් විකාශය කිරීම ගැන රූපවාහිනී චැනලයේ විනෝදාත්මක වැඩසටහන් අධ්‍යක්ෂක ෆ්‍රෙඩ් සිල්වර්මන් ඉතා කලබලට පත්විය.null

රූපවාහිනිය තුල රූට්ස් ටෙලි නාට්‍යයේ අරමුණ වූයේ කළු වහලුන් වීමේදී තම කළු මුතුන් මිත්තන්ගේ භූමිකාව ගැන සුදු ප්‍රේක්‍ෂකයින්ට හොඳ හැඟීමක් ඇති කරවීමයි. ඊට අදාලව සුදු නළු නිළියන් ප්‍රවර්ධන ස්ථාන වල කැපී පෙනෙන ලෙස පෙනී සිටි අතර, මෙම කතා මාලාව අඛණ්ඩව රාත්‍රී අටක් පුරා විකාශය කිරීමට නියමිතව තිබුනි. රූපවාහිනී චැනලයට අත්‍යවශ්‍යයෙන්ම වුවමනාව වූයේ එය ඉක්මනින් අවසන් කර ගැනීමය.

null

1977 ජනවාරි 23 දා එය මුලින්ම එළියට එන විට සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇදහිය නොහැකි තරම්, එනම් මිලියන 29 ක් එය නරඹන් එයට ආශක්ත විය. සතියක් ගත වෙත්ම ප්‍රේක්‍ෂකාගාරය වැඩි විය. අවසානයේ එය අවසන් වූයේ මිලියන 100 ක පමණ ජනතාවක් සහභාගී වූ අවසන් තරඟයකිනි. එය ලොව පුරා සංවේදීතාවයක් බවට පත් වූ අතර, එසේ කළ ප්‍රථම රූපවාහිනී කෙටි කතා මාලාව විය. මෙම කතා මාලාව නැරඹූ බොහෝ දෙනෙක් ඔවුන්ගේම පවුල් ඉතිහාසය විමර්ශනය කිරීමට පෙලඹුණි.

null

රූට්ස් තුළ නිරූපනය කර ඇති එක්සත් ජනපදයේ පිරිහුණු වාර්ගික ඉතිහාසය වෙන කවරදාටත් වඩා නූතන යුගයට වැදගත් මෙන්ම අදාළ වේ. එබැවින් මෙය නැවතත් නව පරම්පරාවේ නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම සුවිශේෂී කතා මාලාව නැවත නිර්මාණය කිරීම පුදුමයක් නොවේ.

null

මුල් කෘතියේ අතිවිශිෂ්ට සාර්ථකත්වයට එය කිසි දිනෙක සම කළ නොහැකි වුවද, නැවත නිර්මාණය කළ පළමු කථාංගය එක්සත් ජනපදයේ මිලියන 5.3 නරඹන්නන් ආකර්ෂණය කරගත්තේය.2016දී නැවත නිෂ්පාදනය වූ රූට්ස් රූපවාහිනී කතා මාලාව කොටස් හතරකින් සමන්විතය.null

රූට්ස් සඳහා පදනම් වන්නේ එහි කර්තෘ ඇලෙක්ස් හේලිගේම පවුල් ඉතිහාසය පිළිබඳ 1976යේ ඓතිහාසික නවකතාවය. ඒ වහල් වෙළඳාමේ සිට ප්‍රතිසංස්කරණ යුගය දක්වා ය. එය පිටපත් මිලියන 6 කට වඩා අලවි විය. එසේම ජාතික පොත් සම්මානය සහ පුලිට්සර් ත්‍යාගය යන දෙකම දිනා ගත්තේය.

null