Menu
Contact us
×
Wednesday, September 18th, 2024
මෙසපොතේමියානුවන්ගේ රාත්‍රී ආහාර
පුරාණ බැබිලෝනියාවේ සුප් සහ ඉස්ටු වර්ග උත්තරීතර ආහාර බවට පත්ව තිබුණි. ආහාර ඉතිහාසඥයින් දැන් ඔවුන්ගේ අමතක වූ රසයන් නැවත ලබා ගැනීම සඳහා රස පරීක්ෂණ සිදු කරමින් සිටී.

ඔවුන් කොහෙන් කෙසේ පැමිණියේදැයි කිසිවෙකු හරියටම දන්නේ නැත. දිගු කලක් තිස්සේ කිසිවෙකුට ඔවුන් පැවසූ දේ හරියටම තේරුණේ නැත. ඝන, කූඤ්ඤ හැඩැති කියුනිෆෝම් ලිවීමෙන් ආවරණය කරන ලද කුඩා මැටි පුවරු යේල් විශ්ව විද්‍යාලයේ විද්වතුන් විසින් ඖෂධවලට සම්බන්ධ යැයි සිතූහ. මැදපෙරදිග පුරාවිද්‍යා කැණීමකින් සොයා ගන්නා ලද ඒවා 1911 වසරේ සිට යේල් බැබිලෝනියානු එකතුවේ තිබෙන්නට ඇත. කෙසේ වෙතත්, ප්‍රංශයේ විශාරද ජීන් බොටෙරෝට අවසානයේ දී මෙම පුවරු විසින් පවසන්නේ කුමක්දැයි සොයා ගැනීමට හැකි වූයේ 1980 ගණන්වල මුල් භාගයේදීය. ඔවුන් විසින් තක්සේරු කළ ආකාරයට, වසර 4,000 කට ආසන්න කාලයක් වන ඒවාහි රාත්‍රී ආහාරය ගැන කතා කරති.

පුරාණ මෙසපොතේමියාවේ, මිනිසුන් තම ආහාර පිළියෙල කරන ආකාරය ලියා ඇත්තේ කලාතුරකිනි (Peabody කෞතුකාගාරය)

පුවරු හතර - විශාල සබන් කැටයක ප්‍රමාණයෙන් විශාල ඒවා, කුඩාම, අවුරුදු දහසකට වඩා බාල, වටකුරු මැටි පුවරු වල - ඖෂධ පිළිබඳව නොව ආහාර වල අමුද්‍රව්‍ය පිළිබඳව ලියා ඇත. අවම වශයෙන් ක්‍රි.පූ. 1730 දක්වා දිවෙන, විශාල පුවරු වල බොහෝ දුරට ඉස්ටු පිළිබඳ විස්තර අඩංගු වේ. කුඩාම පුවරු තුල පසු කාලයක සිට, සුප් සහ ඉස්ටු යන අහාර දෙක පිළිබඳවම සඳහන්ව ඇත.

නව ලේඛන සොයා ගන්නා විට, මැදපෙරදිග ආහාරවලට ඇතැම් කුළුබඩු ඇතුළු වූ ආකාරය පිළිබඳ වැඩි ආලෝකයක් ලබා දෙනු ඇත.

"ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ හුදු කාරණය අභිරහසක්. ඉපැරණි මෙසපොතේමියාවේ මිනිසුන් ආහාර පිළියෙල කිරීම ගැන ලියා ඇත්තේ කලාතුරකින් බව සහකාර භාරකරු ඇග්නෙට් ලැසන් පැවසීය. "ලක්ෂ ගණනක කියුනිෆෝම් ලේඛන (cuneiform documents) අතරින්, පවතින එකම ආහාර වට්ටෝරු ඒවා වේ," යනුවෙන් ඇය පැවසුවසයි. "අප සතුව මේවා පැහැදිලි කිරීමක් නොමැත." යනුවෙන් ද ඇය පවසයි.

ඇත්ත වශයෙන්ම, බොහෝ කියුනිෆෝම් ග්‍රන්ථවල, පුරාණ ලේඛකයින් මැටි සහ ශෛලමය ලේඛන වල ආහාර ගැන සඳහන් කරන ලද කතන්දර සහ වාර්තා කරන විට, ඔවුන් නූතන විද්වතුන්ට තේරුම්ගත නොහැකි, සමහර විට අද්භූත වචන භාවිතා කර ඇත. තවමත් අනන්‍යතාවය නොදන්නා අඩංගු ද්‍රව්‍ය හමුවන වන බව හාවඩ් විශ්ව විද්‍යාලයේ මෙසපොතේමියානු බාෂා  විද්යාඥයා (Assyriologist) වන ගොජ්කෝ බාජ්මොවික් පැවසීය.